2019 බංග්ලාදේශ ප්‍රිමිය ලීග් පන්දුවාර විස්සයි විස්ස තරඟාවලියේ ශූරතාවයට හිමිකම් කියන්නට කොමිලා වික්ටෝරියන්ස් කණ්ඩායම අද (08) සමත් වුණා.
ඒ අවසන් මහා තරඟයේ දී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වූ ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායම ලකුණු 17කින් පරාජය කරමින්.
අවසන් මහා තරඟයේ කාසිය වාසිය හිමිකරගත් ඩකා ඩයිනමයිට්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් කොමිලා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුල කඩුලු 03කට ලකුණු 199 ක් රැස් කිරීමට සමත් වුණා.
එහිදී අගනා නිමක් ක්‍රීඩා කළ කොමිලා ආරම්භක පිතිකරු තමිම් ඉක්බාල් නොදැවී ලකුණු 141 ක් රැස් කළේ පන්දු 61කට මුහුණ දෙමින්.
ඔහුගේ මෙම ඉනිම හතරේ පහර 10 ක් සහ හයේ පහර 11 කින් වර්ණවත් වුණා.
කොමිලා පිල වෙනුවෙන් අනමුල් හක් ලකුණු 24 ක් රැස් කළා.
පන්දු 120ක් තුල ලකුණු 200ක දැවැන්ත ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි ඩකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු සුනිල් නරායන් ලකුණු නොලබාම ක්‍රීඩාගාරය වෙත නැවත හරවා යවන්නට කොමිලා ක්‍රීඩකයින් සමත් වුණා.
ඉන් එනතුරුව ආරම්භක පිතිකරු උපුල් තරංග සමඟ එක්වූ රොනී ටලුක්ඩාර් ඩකා පිල සාර්ථක තත්වයකට ඔසවා තැබුවා.
එහිදී උපුල් තරංග ලකුණු 48ක් රැස් කළ අතර රොනී ටලුක්ඩාර් රැස් කළ ලකුණු සංඛ්‍යාව 66ක්.
ඔවුන් දෙදෙනාගේ දැවී යාමෙන් අනතුරුව බිඳ වැටුණු ඩකා ඉනිම ගොඩගන්නට කිසිඳු පිතිකරුවෙකුට හැකියාව ලැබුනේ නැහැ.
ඒ අනුව ඩකා පිල පන්දු වාර 20 තුල ලකුණු 182කට සීමා කරන්නට කොමිලා පන්දු යවන්නන් කටයුතු කළේ ඩකා කඩුලු 09ක් බිඳ දමමින්.
පන්දු යැවීමේදී වහබ් රියාස් කඩුලු 03ක් බිඳ දැමූ අතර තිසර පෙරේරා සහ මොහොමඩ් සයිෆුඩින් ඩකා ඉනිමේ කඩුලු 02 බැගින් බිඳ දැමුවා.
අවසන් මහා තරඟයේ දී සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ තමිම් ඉක්බාල් තරඟයේ වීරයා බවට පත්වූ අතර තරඟාවලිය පුරාවට තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ ෂකිබ් අල් හසන් තරඟාවලියේ වීරයා බවට පත් වුණා.