කොම්පඤ්ඤවීදිය – වෑකන්ද ප්‍රදේශයේ නිවසක් පරීක්ෂා කිරීමට ගිය පොලිස් නිලධාරීන් පිරිසකට ඊයේ පහරදීමක් සිදුව තිබෙනවා.
පහරදීමෙන් කොම්පඤ්ඤවීදිය පොලිස් ස්ථානයේ දූෂණ වැටලීම් අංශයේ ස්ථානාධිපතිවරයා තුවාල ලබා ජාතික රෝහලට ඇතුළත් කර ඇති බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, මේ වන විට ඔහු ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් තිබෙනවා.
නිවසෙහි හිමිකරු විසින් ස්ථානාධිපතිවරයාට බෝතලයකින් පහර දී ඇති අතර, පසුව ඔහු එම ස්ථානයෙන් පළා ගොස් ඇති බව සඳහන්.
කෙසේ වෙතත්, සිද්ධිය සම්බන්ධයෙන් නිවසේ සිටි කාන්තාවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
