Gossips

කොබ්බෑකඩුවගේ මරණය ගැන විමර්ශනය නොකිරීම කණගාටුවට කරුණක් – මල්වතු අනුනායක හිමි

ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ මරණය සම්න්ධයෙන් විමර්ශනය නොකිරීම කණගාටුවට කරුණක් බවල මල්වතු පාර්ශ්වයේ අනුනායක, අතිපූජ්‍ය නියන්ගොඩ විජිතසිරි නාහිමියන් පවසනවා.
ඊයේ (08) මහනුවරදී පැවති ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ 26 වන ගුණානුස්මරණයේදී උන්වහන්සේ මේ අදහස් පළ කළා.
ලුතිනන් ජෙනරල් ඩෙන්සිල් කොබ්බෑකඩුවගේ 26 වන ගුණානුස්මරණය ඊයේ (08) පැවැත්වුණේ මහනුවර ඔරලෝසු කණුව අසළ උද්‍යානයේ පිහිටුවා ඇති
කොබ්බෑකඩුව පිළිරුව අභියසදීයි.
එහි ප්‍රධාන අනුශාසනාව කරනු ලැබුවේල මල්වතු පාර්ශ්වයේ අනුනායකල අතිපූජ්‍ය නියන්ගොඩ විජිතසිරි නාහිමියන් විසින්.