බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් සභාපතිවරයාගේ පිළ සහ සංචාරක ශ්‍රී ලංකා පිළ අතර පැවැත්වෙන තුන්දින පුහුණු තරඟයේ දෙවන දිනය අවසානයේ කොදෙව් කණ්ඩායම සිය මුල් ඉනිම සඳහා කඩුලු 7ක් දැවී ලකුණු 223ක් රැස් කළා.
එහිදී අකිල ධනංජය ලකුණු 43ට කඩුලු 3ක් ද, ලහිරු කුමාර ලකුණු 37කට කඩුලු 2ක් ද බිද හෙලුවා.
ශ්‍රී ලංකා පිළ මුල් ඉනිම සඳහා ලබා ගත් ලකුණු සංඛ්‍යාව 428ක්.
