Gossips

කොදෙව් සංචිතයෙන් ප්‍රබලයන් කිහිපදෙනෙක් ඉවතට

පකිස්ථානයේ සංචාරයක නිරතවන බටහිර ඉන්දීය කොදෙව් සංචිතයෙන් ප්‍රබලයන් කිහිප දෙනෙකු ඉවත්කර තිබෙනවා. සංචිතයේ නායකත්වය පවරා ඇත්තේ ජේසන් මොහොමඩ් ටයි.
කොදෙව්වන් පකිස්ථානයේ සංචාරය කිරීමට නියමිතව ඇත්තේ 20 යි 20 තරග 3 ක් සඳහායි.
මෙම තරග සංචාරය සිදුවනු ඇති ද යන්න පිළිබඳ බොහෝ දෙනෙකුගේ අවධානය යොමුවී තිබුනා.
ඒ පකිස්ථානයේ ආරක්ෂක තත්වය හේතුවෙන්.
කෙසේවෙතත් කොදෙව්වන් සිය සංචිතය නම් කිරීම හේතුවෙන් එම මතවාද බැහැර කිරීමට සිදුවනවා.
මෙම තරගාවලියේ ප්‍රවේශපත්‍ර අලෙවිය ද පකිස්ථානය මේ වන විටත් ආරම්භ කර තිබෙනවා.
මෙම සංචාරයට ජේසන් හෝල්ඩර්, ක්‍රිස් ගේල් සහහ දේවේන්ද්‍ර බිෂු නම්කර නැහැ.
අන්ද්‍රේ මැකාති සහ ඕඩියන් ස්මිත් නවකයන් ලෙසට සංචිතයට එක්ව තිබෙනවා.
මාලන් සැමුවෙල්ස්, දිනේෂ් රාම්දීන් සහ සැමුවෙල් බද්‍රි මෙම සංචිතයට එක්වූ අත්දැකීම් සපිරි ක්‍රීඩකයන් වනවා.
රයාද් එම්රිට්, ඇන්ඩි‍්‍ර ෆ්ලෙචර්, කීමෝ පෝල්, වීරස්වාමී පර්මෝල්, රොව්මල් පවෙල්, චැඩ්වික් වෝල්ටන් සහ කෙස්රික් විලියම්ස් සංචිතයට එක්වු සෙසු ක්‍රීඩකයන්.
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ පකිස්තානය අතර තරගාවලිය ලබන ඉරිදා ආරම්භ වීමට නියමිතයි.
සියලු තරග පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ කරච්චිහිදීයි.