Gossips

කොදෙව් ශ්‍රී ලංකා පුහුණු තරඟය අද

බටහිර ඉන්දීය කොදෙව්වන් සමඟ පැවැත්වෙන ටෙස්ට් තරගාවලියට පෙර සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගි වන තුන්දින පෙරහුරු තරඟය ශ්‍රී ලංකා වේලාවෙන් අද රාත්‍රියේ ටි‍්‍රනිඩෑඩ් හි බ්‍රයන් ලාරා ක්‍රීඩාංගනයේදී ආරම්භ වීමට නියමිතයි.
බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලකවරයාගේ කණ්ඩායම සමඟ පැවැත්වෙන මෙම තරඟය ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන එකම පුහුණු තරඟය වනවා.
දෙරට අතර පළමු ටෙස්ට් තරඟය ලබන මස 06 වනදා ආරම්භවීමට නියමිතයි.