Gossips

කොදෙව් දේශයේ දී ශ්‍රී ලංකා වේග පන්දුව, පළමු දිනයේදීම වැඩ පෙන්වයි

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරඟයේ පළමු දිනය නිමා වනවිට තරඟයේ වැඩි ගෞරව අත්කර ගැනීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයින් සමත්ව සිටියා.
පළමු දිනය අවසන් වන විට කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහර දෙන කොදෙව් පිළ කඩුලු 06 කට ලකුණු 246ක් රැස්කරගෙන සිටියා.
නොදැවී පන්දුවට පහරදෙන ෂේන් ඩෝරික් ලකුණු 46ක් රැස්කරගෙන සිටි අතර පන්දු 32කට මුහුණදී සිටි දේවේන්දර් බිෂූ කිසිඳු ලකුණක් රැස්කරගෙන සිටියේ නැහැ.
කොදෙව් කණ්ඩායම වෙනුවෙන් ෂායි හෝප් ලකුණු 44ක්, ජේසන් හෝල්ඩර් ලකුණු 40ක් සහ කිරන් පවෙල් සහ රොස්ටන් චේස් ලකුණු 38 බැගින් රැස් කළා.
පන්දු යැවීමේදී කඩුලු දඩයම ආරම්භ කළ සුරංග ලක්මාල් කොදෙව් ලකුණු පුවරුවට ලකුණු 04ක් එක්වෙද්දී පළමු කඩුල්ල දවා ගැනීමට සමත් වුණා.
ඒ අනුව සුරංග ලක්මාල් සහ රංගන හේරත් එක් කඩුල්ල බැගින් දවාගත් අතර පළමු දිනය නිමාවන විට ළහිරු කුමාර කඩුලු 03ක් දවාගෙන සිටියා.
ට්‍රිනිඩෑඩ් හි කුවින්ස් පාර්ක් ඕවල් ක්‍රීඩාංගනයේ පැවැත්වෙන තරඟයේ දෙවන දිනය අදයි.
තරඟයේ පළමු දිනයේ විශේෂ අවස්ථා.
rnrnrnrnrnrn