ශ්රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය ආරම්භ කරමින් කොදෙව් ක්රිකට් සභාපතිගේ කණ්ඩායම සහ ශ්රී ලංකා කණ්ඩායම අතර තුන්දින ක්රිකට් තරගය ඊයේ ට්රිනිඩ්ද්රාඩ් හි බ්රයන් ලාරා ක්රීඩාංගණයේදී ආරම්භ වූ අතර එහි කාසිය වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්රී ලංකා කණ්ඩායම දිනය නිමා වන විට කඩුලු 06ක් දැවී ලකුණු 318ක් ලබා සිටියේය.
ඉනිමේ පළමු පන්දුවෙන්ම කුසල් මෙන්ඩිස් දැවී ගිය පසු කුසල් ජනිත් සමගින් එක්වූ නායක දිනේෂ චන්දිමාල් සිය කණ්ඩායමේ වගකීම බාරගනිමින් දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 130ක සම්බන්ධතාවක් ද ඉන් නොනැවතී තෙවැනි කඩුල්ල වෙනුවෙන් ඇන්ජලෝ මැතිව්ස් (41) සමග එක්ව ලකුණු 114ක සම්බන්ධතාවක්ද පැවැත්වීමට සමත්විය.
විශිෂ්ට ඉනිමක් ක්රීඩා කළ දිනේෂ් චන්දිමාල් හයේ පහර 03ක් හා හතරේ පහර 06ක් සමගින් ලකුණු108ක් රැස් කළ අතර ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් එක් හයේ පහරක් හා හතරේ පහර 10ක් සමගින් ලකුණු 65ක් රැස් කළේය.
ශ්රී ලංකා කණ්ඩායමේ සාර්ථකම ටෙස්ට් පිතිකරු ලෙස හැදින්වෙන රෝශේන් සිල්වාට ඊයේ දිනයේ ලබගත හැකිවුයේ ලකුණු 28ක් පමණි.නොදැවී කඩුල්ලේ රැදී සිටින නිරෝෂන් දික්වැල්ල ලකුණු 26ක් යි.
පන්දු යැවීමේදී ජොමෙල් වොරිකන් හා රකිම් කෝන්වල් අතරේ කඩුලු 02 බැගින් බෙදී ගියා.