Gossips

කොදෙව් කාන්තා පිළට ජය

කාන්තා විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ තවත් තරඟයකදී බංග්ලාදේශය පරදවා ලකුණු 60ක ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා ක්‍රිකට් පිළ සමත් වුණා.
පළමුවෙන් පන්දුවට පහර දුන් කොදෙව් කාන්තා පිළ සිය පන්දු වාර 20 තුළ දී කඩුලූ 8ක් දැවී රැස් කළේ ලකුණු 106ක් පමණයි.
කෙසේ නමුත්, බංග්ලාදේශ කාන්තා පිළ ලකුණු 46කට සීමා කිරීමට කොදෙව් ක්‍රීඩිකාවන් සමත් වුණා.
එහිදී ඩියෙන්ඩ‍්‍රා ඩොටින් ලකුණු 5කට කඩුලූ 5ක් බිද හෙලීම විශේෂත්වයක්.
විස්සයි විස්ස කාන්තා ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරඟය හෙට පැවැත්වීමට නියමිතයි.