Gossips

කොදෙව්වන් සමඟ තරඟාවලියට ශ්‍රී ලංකා සංචිතය නම් කරයි

බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ 03කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරඟාවලිය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.
ක්‍රීඩකයින් 17 දෙනෙක් මෙම සංචිතයට ඇතුළත් වන අතර ආබාධයට ලක්ව සිටින දිමුත් කරුණාරත්න වෙනුවට වමත් පිතිකරු මහේල උඩවත්ත එම සංචිතයට ඇතුළත්.
නවක වේගපන්දු යවන ක්‍රීඩක කසුන් රාජිත ද මෙම සංචිතය ඇතුළත්කර තිබෙනවා.
සංචිතය පහතින්.
දිනේෂ් චන්දිමාල්, මහේල උඩවත්ත, කුසල් මෙන්ඩිස්, කුසල් පෙරේරා, ධනංජය ද සිල්වා, රොෂේන් සිල්වා, ඇන්ජලෝ මැතිව්ස්, නිරෝෂන් දික්වැල්ල, රංගන හේරත්, ඩිල්රුවන් පෙරේරා, අකිල ධනංජය, ජෙෆ්රි වැන්ඩසේ, ළහිරු ගමගේ, කසුන් රාජිත, සුරංග ලක්මාල්, අසිත ප්‍රනාන්දු