Gossips

කොදෙව්වන්ට කාසියේ වාසිය

ශ්‍රී ලංකාව සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තුන්වන සහ අවසාන ටෙස්ට් තරගය බාබේඩෝස් හි බ්‍රිජ් ටවුන් නුවර කෙන්සින්ටන් ඕවල් ක්‍රීඩාංගණයේදී ඊයේ ආරම්භවුණා.
එය කොදෙව් දිවයින් හි පැවැත්වෙන ප්‍රථම දිවා රාත්‍රී ටෙස්ට් තරගයයි.
දිනේෂ් චන්දිමාල්ට තරග තහනමක් පැනවීම හේතුවෙන් මෙම තරගයේදී ශ්‍රී ලංකා පිල මෙහෙයවන්නේ සුරංග ලක්මාල් විසින්.
කාසියේ වාසිය දිනූ කොදෙව් පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළ අතර, රාත්‍රී භෝජනය සඳහා තරගය නතර කරන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 88 ක් ලබා සිටියා.
තරගයට විටින් විට වර්ෂාවෙන් බාධා පැමිණි අතර, තවමත් එහි වැසි සහිත කාලගුණයක් පවතින බව සඳහන්.
සුරංග ලක්මාල් ලකුණු 28 කට කොදෙව් පිලේ කඩුලූ 2 ක් බිඳ හෙලූ අතර, කසුන් රාජිත ලකුණු 32 කට කඩුලූ 2 ක් බිඳ හෙලූවා.
ළහිරු කුමාර ලකුණු 23 කට කඩුලූ 1 යි.