Gossips

කොදෙව්වන්ගේ වාර්තාව එංගලන්තය කොදෙව් දේශයේදීම බිඳ දමමින් ඉතිහාසය අලුතින් ලියයි

එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරඟයකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවේ එල්ල කළ කණ්ඩායම බවට පත්වීමට එංගලන්ත සමත්වුණා.
ඒ, කොදෙව් කණ්ඩායමට එරෙහිව ඊයේ පැවති සිව්වන එක්දින තරගයේදියි.
මීට පෙර කොදෙව්වන් ඉනිමකදී හයේ පහර 23 ක් එල්ල කර තිබූ අතර එංගලන්තය එය බිඳ හෙලනු ලැබුවේ හයේ පහර 24 ක් එල්ල කරමින්.
මෙම තරඟයේදී පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායමද හයේ පහර 22 ක් එල්ල කර තිබෙනවා.
ඒ අනුව වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ලවූ එක්දින තරඟය ලෙසද මෙය ඉතිහාසයට එක්වනු ඇති.
මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම කඩුලූ 6 ක් බිඳ වැටී ලකුණු 418 ක් රැස් කළ අතර, පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කණ්ඩායම පන්දු වාර 48 ක් අවසානයේ සියලූදෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 389 ක් පමණයි.
එංගලන්තය වෙනුවෙන් ජොෂ් බට්ලර් පන්දු 77 කදී ලකුණු 150 ක් ලබාගත් අතර, ඊට හයේ පහර 12 ක් සහ හතරේ පහර 13 ක් අන්තර්ගත වුණා.
එක්දින තරඟයකදී පිතිකරුවෙකු රැස් කළ දෙවන වේගවත්ම ලකුණු 150 මෙය වන වනවා.
එසේම එක්දින තරඟයකදී වැඩිම හයේ පහර සංඛ්‍යාවක් එල්ල කළ එංගලන්ත ක්‍රීඩකයා බවට පත්වීමටද ජොෂ් බට්ලර් සමත්වූණා.
කොදෙව් කණ්ඩායමේ ආරම්භක පිතිකරු ක්‍රිස්ගේල් පන්දු 97 කදී හයේ පහර 14ක් සහ හතරේ පහර 11 ක් සමඟින් ලකුණු 162 ක් ලබාගත්තා.
39 හැවිරිදි ක්‍රිස්ගේල් එක්දින ලකුණු දස දහසේ සීමාව පසු කළ ලොව වයස්ගත ක්‍රීඩකයා බවටද මෙහිදී පත් වීම විශේෂත්වයක්.
මෙම තරඟයේදී ඔහු එල්ල කළ හයේ පහර 14ත් සමඟ සියලූම වර්ගයේ තරඟවලදී හයේ පහර 500ක් එල්ල කළ පළමු ක්‍රීඩකයා බවටද ක්‍රිස්ගේල් පත්වුණා.
තරඟයේ විශේෂ අවස්ථා පහතින්..