අද මධ්‍යම රාත්‍රියේ සිට කොත්තුවක මිල රුපියල් 5 කින් ඉහළ දමන බව සමස්ත ලංකා ආපනශාලා හිමියන්ගේ සංගමය පවසනවා.
තිරිගු පිටි කිලෝග්‍රෑමයක මිල රුපියල් 5 කින් ඉහළ නැංවීම හේතුවෙන් මෙම තීරණය ගත් බවයි එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් කියා සිටියේ.
තිරිඟු පිටි මිල ඊයේ රාත්‍රියේ සිට රුපියල් 5 කින් ඉහළ දමා ඇති අතර අලෙවි නියෝජිතයන් ප්‍රකාශ කළේ මිල ඉහළ දමන ලෙසට අදාළ සමාගම් තමන් වෙත දැනුම්දුන් බවයි.
