සයිටම් වෛද්‍ය සිසුන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අන්තර්ග්රහනය කිරිමට අදාල පනතට එරෙහිව ඉදිරියේදි ක්‍රියාමාර්ග ගන්නා බව රජයේ වෛද්‍ය පිඨ ශීෂ්‍ය ක්‍රියාකාරි කමිටුව පවසනවා.
එහි කැඳවුම්කරු දිදුල අමරසිංහ මේ බව කියා සිටියේ එම පනත් කෙටුම්පත ඊයේ පාර්ලිමේන්තුවේ විවාදයට ගත් අවස්ථාවේ පාර්ලිමේන්තු වටරවුම ඉදිරිපිට සිදුකළ නිහඩ විරෝධතාව අතරතුර අදහස් දක්වමින්.
සයිට්ම් සිසුන් 982 කු කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට අන්තර්ග්‍රහණය කිරිමට අදාල ජනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල විශේෂ විධිවිධාන පනත් කෙටුම්පත සංශෝධන සහිතව ඊයේ පාර්ලිමේන්තුවේදි සම්මත වුණා.