රුපියල් නව ලක්ෂයකට ආසන්න වටිනාකමකින් යුත් කොතල හිඹුටු තොගයක් මෙරටින් රැගෙන යාමට තැත් කළ චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපළ රේගුව මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
36 හැවිරිදි මෙම චීන ජාතිකයා අද (21) අලුයම චීනයේ කුන්මින් වෙත යාම සඳහා ගුවන් තොටුපළ වෙත පැමිණි අවස්ථාවේදී එම කොතලහිඹුටු තොගය සොයාගෙන ඇති බව සදහන්.
එය රාජසන්තක කළ චීන ජාතිකයා වෙත රුපියල් 50,000ක දඩයක් ද පැනවූ බවයි රේගු මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.
