කොතලහිඹුටුවලින් නිෂ්පාදනය කරන ලද බඳුන් තොගයක් නීතිවිරෝධීව හොංකොං බලා රැගෙන යෑමට තැත් කළ චීන ජාතිකයෙකු කටුනායක ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
45 හැවිරිදි මොහු අද අලූයම අත්අඩංගුවට ගත් බවයි ගුවන් තොටුපල රේගුව සඳහන් කළේ.
මොහු එක් බඳුනකට රුපියල් 13,000 බැගින් ගෙවා බඳුන් 8ක් බේරුවල ප්‍රදේශයේ වෙළඳසැළකින් මිලදී ගෙන ඇති බව අනාවරණ වී තිබෙනවා.
ගුවන් තොටුපල රේගුව වැඩිදුරටත් කියා සිටියේ ලංකාව පුරා පිහිටි විවිධ වෙළඳසැල් මගින් විදේශීය සංචාරකයන් නොමග යවා මේ ආකාරයට ශ්‍රී ලංකාවට ආවේනික භාණ්ඩ සහ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් භාණ්ඩ වැඩි මිලට අලෙවි කිරීම ඉහළ ගොස් ඇති බවයි.
