Gossips

කොඩි කණු නිසා උණුසුම් වූ අත්තනගල්ල

එක්සත් ජාතික පක්ෂ අත්තනගල්ල ආසන සංවිධායකවරයා අත්තනගල්ල ප්‍රාදේශිය සභාවට පැමිණ එහි සේවයේ නිරත නිලධාරීන්ට සහ කම්කරුවන්ගේ රාජකාරී කටයුතුවලට බාධා කිරීම හේතුවෙන් ප්‍රාදේශිය සභාව තුළ නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබෙනවා.
එක්සත් ජාතික පක්ෂයේ අත්තනගල්ල ආසන බල මණ්ඩල රැස්වීම වෙනුවෙන් නිට්ටඹුව නගරයේ ප්‍රදර්ශනය කර තිබූ පෝස්ටර් සහ දැන්විම් ඊයේ (10) අත්අනගල්ල ප්‍රාදේශීය සභාව විසින් ඉවත් කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.
ඒ අනුව එම ඉවත් කිරීමට විරෝධය පළකරමින් සංවිධායකවරයා මෙලෙස පැමිණ කම්කරුවන්ට සහ නිලධාරීන්ට තර්ජනය කර ඇති බවයි වාර්තාවන්නේ.
මේ අතර ඔහු නිලධාරීන්ට සහ කම්කරුවන්ට තර්ජනය කරන අයුරු ප්‍රාදේශීය සභාවේ සවිකර තිබු CCTV කැමරාවක සටහන් වී තිබුණා.