Gossips

කොටු කරගත් ගජමුතු ජාවාරම

ගජ මුතු ලබාගැනීම සදහා පසුගිය කාලයේ කූට ජාවාරම්කරුවන් ක්‍රියාත්මක වීමත් සමග මෙරට ඇතුන් ගණනාවක් ඝාතනයට ලක් වුණා.
එලෙස ඝාතනය කළ ඇතුන් ගෙන් ලබාගත් ගජමුතු 07 ක් මහියංගනය බිබිල ප්‍රදේශයේ ජාවාරම්කරුවන් දෙදෙනෙකු සතුව ඇති බවයි පසුගිය දා හිරු සී.අයි.ඒ.වෙත රහසිගත තොරතුරක් ලැබුනේ.
ඒ අනුව තැරැව්කරුවෙකු පැවසුවේ එම ගජමුතු මිලදී ගැනීමට නම් රුපියල් කෝටි එකහමාරක් රැගෙන මහියංගන ප්‍රදේශයට පැමිණෙන ලෙසයි.
ධනවත් ව්‍යාපාරිකයන් ලෙස සැරසුනු මහියංගන පොලිසියේ නිලධාරීන් හිරු සී.අයි.ඒ.සමග ගජමුතු ජාවාරම්කරුවන් වැටලීම සදහා ගමන් ආරම්භ කළා.
අවස්ථා ගණනාවකදී ගජමුතු ගණුදෙනුව සිදුකරන ස්ථානය වෙනස් කළ ජාවාරම්කරුවන් පොලිසියට කොටුවන්නේ මහියංගන – බිබිල මාර්ගයේ 4 කණුව ප්‍රදේශයට ලගා වු අවස්ථාවේයි.
වැටලීමේදී සැකකරුවන් රුපියල් කෝටි එකහමාරකට අලෙවි කිරීමට රැගෙන ආ ගජමුතු 07 ක් පොලිස් භාරයට ගැණුනා.
වැටලීමේදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන් අද මහිංයගන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කෙරුණා.
පොලිසිය පැවසුවේ මේවා ස්භාවික ගජමුතු ද ? නැතහොත් මුදල් වංචාකිරීම සදහා ව්‍යාජව නිර්මාණය කළ ගජමුතු ද යන්න සොයා බැලීම සදහා අදාල රාජ්‍ය ආයතනවලින් වාර්තා ලබාගැනීමට බලාපොරොත්තු වන බවයි.