Gossips

කොටුව – මරදාන සංඥා දෝෂය යථා තත්ත්වයට

කොළඹ කොටුව සහ මරදාන දුම්රිය ස්ථාන අතර, පැවති සංඥා දෝෂය මේ වනවිට යථා තත්ත්වයට පත් කර තිබෙනවා.
දුම්රිය පාලක මැදිරිය සඳහන් කළේ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් දුම්රිය සංඥා පැය කිහිපයක් අක්‍රියව පැවති බවයි.
මේ හේතුවෙන් අද පෙරවරුවේ කොළඹ කොටුව සහ මරදාන අතර, දුම්රිය ප්‍රමාදයක් සිදුවූ අතර, ඒ හේතුවෙන් රාජකාරි සඳහා පැමිණි කාර්යාලයේ සේවකයින් පත් වුණේ දැඩි අපහසුතාවයටයි.