Gossips

කොටුව – පිටකොටුව බස්රථ හෙට විශේෂ පරීක්ෂාවකට

කොටුව සහ පිටකොටුව ප්‍රදේශයේ ධාවනය වන ශ්‍රීලංගම සහ පෞද්ගලික බස් රථ විශේෂ පරීක්ෂාවකට ලක් කිරීමට පොලිසිය තීරණය කර තිබෙනවා.
ඒ අනුව බැස්ටියන් මාවත, ගුණසිංහපුර සහ මධ්‍යම බස්නැවතුම්පළ මෙලෙස පරීක්ෂාවට බදුන් කරනු ඇති.
මෙම පරීක්ෂාවේදී විවිධ ශබ්ද රටා සහිත නලා සවි කර කිරීම සහ දර්ශණ පථයට බාධ වන අයුරින් ස්ටිකර් ප්‍රදර්ශණය කර ඇති බස්රථ දැඩි පරීක්ෂාවකට ලක් කරනු ඇති.
එලෙස නීති විරෝධී අන්දමින් නලා සවිකර ඇත්නම් ඒවා ඉවත් කිරීමටද පියවර ගන්නා බවයි කොටුව පොලිසියේ ප්‍රකාශකයෙකු හිරු ප්‍රවෘත්ති අංශයට සඳහන් කළේ.
පසුගිය දින කිහිපය තුලම විවිධ ශබ්ද රටා සහිත නලා ඉවත් කරන ලෙසට පොලිසිය බස් රථ හිමියන් දැනුවත් කරනු ලැබුවා.
ඒ ශබ්ද දූෂණය අවම කිරීම යටතේ පවතින නීති රිති වලට අනුවයි.
විවිධ ශබ්ද රටා සහිත නලා 06ක් සවිකර තිබූ බස් රථයක් පසුගියදා අනුරාධපුර ප්‍රදේශයේදී පොලිසිය අත්අඩංගුවට ගනු ලැබුවා.