Gossips

කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්ත්වයක්

දුම්රිය ස්ථානාධිපති, පාලක සහ රියදුරු ඇතුළු වෘත්තිය සමිති කිහිපයක් එක්ව අද සිදුකළ හදිසි වර්ජනයත් සමඟ දුම්රිය ප්‍රමාද වීම නිසා මගීන් සහ දුම්රිය කාර්ය මණ්ඩලය අතර, කොටුව දුම්රිය ස්ථානයේ උණුසුම් තත්ත්වයක් හට ගෙන තිබෙනවා.
අප වාර්තාකරු සඳහන් කළේ දුම්රිය මෙහෙයුම් කාර්යාලයට පැමිණි මගී ජනතාව ඊට ඇතුලූ වීමට උත්සාහ දැරීමත් සමඟ මෙම උණුසුම් තත්ත්වය හට ගෙන ඇති බවයි.
අද පස්වරු 2 ට දුම්රිය වෘත්තීය සමිති කිහිපයක් පැය දෙකක හදිසි වැඩවර්ජනයක් ආරම්භ කළා.
එය පස්වරු 4 ට පමණ අවසන් කෙරුණත් මෙතෙක් නිසි පරිදි දුම්රිය ධාවනය නොවන බවටයි මගීන් චෝදනා කරන්නේ.