Gossips

කොටුව දුම්රිය ස්ථානයට STF ආරක්ෂාව

කොටුව දුම්රිය ස්ථානයේ මේ වනවිට පවතින උණුසුම් තත්ත්වය හේතුවෙන් එහි ආරක්ෂාවට පොලිස් විශේෂ කාර්ය බලකාය කැඳවා තිබෙනවා.
මේ අතර, දුම්රිය වර්ජනය හේතුවෙන් පුද්ගලික බස් රථ සදහා මාර්ග බලපත්‍ර නොමැතිව ඕනෑම මාර්ගයක ධාවනය කිරීමට මුදල් අමාත්‍යවරයා අවසර ලබා දී තිබෙනවා.
මේ අතර අප වාර්තාකරු සඳහන් කළේ මාතර සිට පැමිණි දුම්රියක රියදුරුවරයා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේදී මගීන් පිරිසක් විසින් රඳවාගෙන ඇති බවයි.
දුම්රිය වෘත්තිය සමිති කිහිපයක් අද පස්වරුවේ ක්‍රියාත්මක කළ හදිසි වර්ජනයක් හේතුවෙන් අපහසුතාවට පත් මගීන් කළහකාරී ලෙස හැසිරිමත් සමග දුම්රිය ස්ථාන කිහිපයක සහ කොටුව දුම්රියපොළ ඉදිරිපිට උණුසුම් තත්ත්වයක් ඇති වුණා.
දුම්රිය වෘත්තිය සමිති නියෝජිතයින් පැවසුවේ අනුමත වැටුප් විෂමතා නිවැරදි කිරිමේ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව අත්හිටුවීම මෙම හදිසි වැඩ වර්ජනයේ හේතුව බවයි.