ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ජගත් මානව හිමිකම් සැසියට සමගාමීව ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය පැවැත් වූ සැසියකදී කොටි හිතවාදී නියෝජිතයෙකු සැසිය මග හැර ඉවත්ව ගොස් තිබෙනවා.
ඒ, ශ්‍රී ලංකා නියෝජිතයින් ඉදිරිපත් කළ තර්ක හමුවේ නිරුත්තර වීම හේතුවෙන්.
මෙම සමගාමී සැසියේදී ජගත් දේශප්‍රේමී ලාංකික සංසදය නියෝජනය කරමින් මහා බ්‍රිතාන්‍යයේ සිට පැමිණි ඉන්දික ගුණසේකර, කැනඩාවේ සිට පැමිණි ආචාර්ය වර්ණ හෙට්ටිආරච්චි සහ ආචාර්ය චන්න ජයසුමන යන අය සිය අදහස් දැක්වීම් සිදුකළා.
එහිදී ඔවුන් මතුකළ තර්ක හමුවේ ප්‍රබල එල්.ටී.ටී.ඊ. හිතවාදියෙකු වන බ්‍රිතාන්‍ය ජාතිකයෙකු වන ඬේවිඩ් වේලි නිරුත්තර වී මග හැර යන අයුරු දක්නට ලැබුණා.
