Gossips

කොටි සල්ලිවලින් මිලදී ගත් මාධ්‍ය ආයතන ගැන ඇමති විමල් හෙළි කරයි

මහ මැතිවරණයක් ඉල්ලා බල කෙරෙන අත්සන් දශලක්ෂයක පෙත්සමට අත්සන් තැබීම අද කඩවතදී ආරම්භ වුණා.
ඒ ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් රැසකගේ සහභාගීත්වයෙන්.
මේ අතර කථානායක කරූ ජයසූරියගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරමින් සහ කඩිනමින් මහ මැතිවරණයක් පවත්වන්නැයි ඉල්ලා ප්‍රදේශ කිහිපයක අදත් විරෝධතා සිදු කෙරුණා.
හම්බන්තොට, දෙහිවල, හතරලියද්ද, කළුතර, මාවනැල්ල, නෙළුව, බියගම, කෑගල්ල, අම්බලන්ගොඩ, නොච්චියාගම සහ ගොඩකවෙල ප්‍රදේශවල එම විරෝධතා පැවැත්වුණා.
මේ අතර රට සුරකින ජන බලය මහින්දට ජන රැළිය හෙට හෝමාගම නගරයේදී පැවැත්වීමට නියමිතයි.