උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂ්වරන් නායකත්වය දරණ දෙමළ ජනතා සභාව නමින් එල්.ටී.ටී.ඊ සලකුණ යොදා අත්පත්‍රිකා බෙදා හැරීමක් සිදුනොකළ බවට එම සභාව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.
හෙට (24) දිනයේදී එම සභාවේ විශේෂ රැස්වීමක් පැවැත්වීමට නියමිත අතර ඒ පිළිබඳව දැනුම්වත් කරමින් ඊයේ (22) දිනයේදී යාපනය ඇතුළු ප්‍රදේශ රැසක අත්පත්‍රිකා බෙදා හැර ඇති බව සඳහන්.
එලෙස බෙදා හැර ඇති අත්පත්රිකාවල එල්.ටී.ටී.ඊ සලකුණ තිබූ බවටයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත්, දෙමළ ජනතා සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ හෙට (24) පැවැත්වීමට නියමිත රැස්වීම කඩා කප්පල් කිරීමේ අරමුණින් කිසියම් පිරිසක් විසින් මෙලෙස අත්පත්‍රිකා බෙදා හැර ඇති බවටයි.
ඊට තම සභාවේ කිසිදු සම්බන්ධයක් නොමැති බවට ඔවුන් නිකුත් කළ නිවේදනයේ තවදුරටත් සඳහන්.
මේ අතර උතුරු පළාත් සභාවේ අවසන් සැසිවාරය අද (23) පැවති අතර එහිදී සියළුම මන්ත්‍රීවරුන් ප්‍රධාන අමාත්‍යවරයා හමුවී අදට යෙදෙන ඔහුගේ ඡන්ම දිනයට සුබ පැතුම් ද එක්කර තිබෙනවා.
එමෙන්ම හෙට දිනයේදී උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී. විග්නේෂවරන් ඉදිරි දේශපාලන ගමන සම්බන්ධයෙන් විශේෂ ප්‍රකාශයක් සිදුකිරීමට ද නියමිතයි.