Gossips

කොටි නිල ඇඳුමක් සහ අත් බෝම්බයක් වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයෙන් හමුවේ (ඡායාරූප)

මුලතිව් – වෙල්ලමුල්ලි වයික්කාල් ප්‍රදේශයේ වලදමා තිබූ එල්.ටී.ටී.ඊ සංවිධානයට අයත් නිල ඇඳුමක් සහ බෝම්බයක් පොලීසිය සොයා ගෙන තිබෙනවා.
මුලතිව් මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබා ගත් අවසරයක් මත ඊයේ පස්වරුවේ සිදුකළ කැණීමකදී මෙම නිල ඇඳුම සහ බෝම්බය සොයා ගත් බවයි පොලීසිය සඳහන් කළේ.
මීට පෙර ද ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේදී ත්‍රිරෝද රථයකින් රැගෙන යමින් තිබූ කොටි නිල ඇඳුම්, කොඩි සහ බෝම්බ තොගයක් සමඟ සැකකරුවන් 3 දෙනෙකු පොලීසිය අත්අඩංගුවට ගනු ලැබුවා.

(ඡායාරූප – මාධව කුලසුරිය )