Gossips

කොටි ගහණය සීග්‍රයෙන් පහළට

ලෝකයේ සිටින කොටි ගහණය සීග්‍රයෙන් පිරිහෙමින් පවතින අතර, දැනට වනාන්තරවල ඉතිරිව ඇත්තේ උප විශේෂ 6කට අයත් කොටි 4000කට ආසන්න සංඛ්‍යාවක් පමණක් බව නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබෙනවා.
කරන්ට් බයෝලොජි නැමැති ජීව විද්‍යා සඟරාව වෙත සිය අධ්‍යයනයේ ප්‍රතිඵල හෙළි කරමින් එය සිදුකළ විද්‍යාඥ කණ්ඩායමේ ප්‍රධානී ෂූ – ජින් ලූවෝ මේ බව ප්‍රකාශ කළා.
ඔහු බීජිං නුවර පීකිං විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙක්. ඔවුන් පවසන පරිදි දැනට ලොව ඉතිරිව සිටින්නේ බෙංගාලි, අමූර්, දකුණු චීන, සුමාත්‍රා සහ ඉන්දු – චීන සහ මලයානු කොටි විශේෂ පමණයි.
කැස්පියන්, ජාවා සහ බාලි කොටි විශේෂ මේ වන විටත් මිහිපිටින් තුරන් වී අවසන්.
කොටි සිය වාස භූමි අහිමිවීම සහ දඩයක්කරුවන් කොටින්ගේ පැවැත්මට එල්ල වී ඇති ප්‍රධානතම තර්ජන ලෙස අධ්‍යයන කණ්ඩායම පෙන්වා දී තිබෙනවා.