2016 වසරේ හටගත් ජල ගැල්මෙන් ආපදාවට ලක්වූවන්ට වන්දි ලබාදී නොමැති බවට චෝදනා කරමින් කොටිකාවත්ත මංසන්ධියේදී අද විරෝධතාවක් පැවැත්වුණා.
ඒ හේතුවෙන් කොළඹ – අවිස්සාවේල්ල ලෝ ලෙවල් මාර්ගයේ රථවාහන තදබදයක් හටගත් අතර, මේ වනවිට මාර්ගයේ ගමනාගමන කටයුතු යථා තත්ත්වයට පත්ව ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
