Gossips

කොටා පාරේදී දුම්රියක් වෙන්වෙයි – බොරැල්ල අවට දැඩි රථ වාහන තදබදයක්

කොළඹ – කොටුවේ සිට අවිස්සාවේල්ල බලා ධාවනය වූ දුම්රියක මැදිරි කිහිපයක් බොරැල්ල – කෝට්ටේ පාර දුම්රිය ස්ථානය ආසන්නයේදී අද වෙන්වී තිබුණා.
එම මැදිරි කොටා පාර අවහිර වන අයුරින් රැඳී තිබීම නිසා බොරැල්ල අවට ප්‍රදේශයේ ඇතිවුණේ දැඩි රථවාහන තදබදයක්.
හිරු ප්‍රවෘත්ති අංශය කළ විමසීමකදී දුම්රිය සාමාන්‍යාධිකාරී ඩිලන්ත ප්‍රනාන්දු සඳහන් කළේ දුම්රිය හරස් මාර්ගයේ පීලිවල ගැටළුවක් නිසා මෙය සිදුව ඇත්දැයි සොයාබැලීම සඳහා කණ්ඩායමක් පිටත් කර යැවූ බවයි.