කොට්ටාව – මත්තෙගොඩ රාජ්‍ය බැංකුවකට පැමිණි තුන්දෙනෙකු ගිනි අවි පෙන්වා එහි තිබූ රන් භාණ්ඩ සහ මුදල් කොල්ලකා පලාගොස් තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අද (26) පස්වරු 3 යි 30 ට පමණ මෙම කොල්ලය සිදුව ඇති බවයි.
ඔවුන් රැගෙන ගිය මුදල් සහ රන් භාණ්ඩවල වටිනාකම මෙතෙක් තක්සේරු කර නැහැ.
