කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේදී අද (21) උදෑසන යතුරු පැදියක් ටිපර් රථයක ගැටීමෙන් සිදුවූ අනතුරකින් යතුරුපැදිකරු එම ස්ථානයේදීම මියගොස් තිබෙනවා.
යතුරු පැදිය කොට්ටාව සිට හෝමාගම දෙසට ධාවනය කර ඇති අතර එය මාකුඹුර ප්‍රදේශයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකට හැරවීමට යාමේදී පිටුපසින් පැමිණි ටිපර් රථයේ ගැටී මේ අනතුර ඇත්තේ.
මෙලෙස මියගොස් ඇත්තේ බොරලැස්ගමුව ප්‍රදේශයේ පදිංචි 21 හැවිරිදි තරුණයෙක්.
ඔහු කොට්ටාව මාකුඹුර ප්‍රදේශයේ පෞද්ගලික ආයතනයක සේවයට යමින් සිටියදියි මේ අනතුර ලක්ව ඇත්තේ.
අනතුර සම්බන්ධයෙන් ටිපර් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර කොට්ටාව පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
මේ අතර මෙම අනතුර සිදුවන ආකාරය ඉන්ධන පිරවුම්හලේ සවිකර තිබු CCTV කැමරාවේ මෙලෙස සටහන් වී තිබුණා.
එම වීඩියෝව පහතින්..
