Gossips

කොට්ටාවේදී කාන්තාවක් වෙඩි තබා ඝාතනය කළ සැකකරුවන් අත්අඩංගුවට

2017 වසරේ නොවැම්බර් මස 30 වනදා කොට්ටාවේ නිවසකදී කාන්තාවකට වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ සැකකරුවන් 3 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් සිදු කළ දීර්ඝ විමර්ශණයකින් අනතුරුවයි.
ඊයේ මෙම සැකකරුවන් අතුරුගිරිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනුනු අතර අපරාධය සඳහා භාවිත කළ වෑන් රථය ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.
අවුරුදු 33, 35 සහ 37 වයස්වල පසුවන සැකකරුවන් අතුරුගිරිය ප්‍රදේශයේම පදිංචිකරුවන්.
ඔවුන් අද හෝමාගම මහේස්ත්‍රාත් හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
මිරිහාන විශේෂ අපරාධ මෙහෙයුම් ඒකකය විමර්ශණ මෙහෙයවනවා.