Gossips

කොටහේන – ජම්පටා වීථියේ වෙඩි තැබීමක්

කොටහේන – ජම්පටා වීථිය ප්‍රදේශයේදී නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු විසින් පුද්ගලයෙකුට වෙඩි තබා තිබෙනවා.
අද (24) රාත්‍රී 9.15 ට පමණ ජම්පටා වීථිය, 137 වත්ත ප්‍රදේශයේදී එල්ලවූ මෙම වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා ඇත්තේ එම ප්‍රදේශයේම පදිංචිකරුවෙක්.
මොහු වෙළඳසැල් හිමිකරුවෙකු වන අතර, පෞද්ගලික ආරවුලක් මත වෙඩි තැබීම සිදුවන්නට ඇති බවට සැක කරන බවයි ජම්පටා වීථියේ පොලීසියේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ.
තුවාල ලැබූ පුද්ගලයා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔහුගේ තත්ත්වය බරපතල නොවන බව ප්‍රකාශකයෙකු සඳහන් කළා.