Gossips

කොටහේන ඝාතනයේ තවත් සැකකරුවෙකු අත්අඩංගුවට

කොටහේන – හෙට්ටියාවත්ත මංසන්ධියේදී පසුගිය මාර්තු 8 වනදා යතුරුපැදියකින් පැමිණ පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සැකකරුවෙකු පොලීසිය ඊයේ අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම වෙඩි තැබීමේදී තවත් පුද්ගලයන් දෙදෙනෙකුද බරපතල තුවාල ලැබුවා.
ඊයේ දහවල් එකට පමණ සෙබස්තියන් වීථිය අසළදී අත්අඩංගුවට ගැනුනු සැකකරු කොටහේන ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙක්.
කොළඹ අපරාධ කොට්ඨාශය විසින් පැවැත්වූ පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ මෙම සැකකරු ඝාතන සිද්ධියට ආධාර අනුබල ලබාදී ඇති බවයි.
ඔහු අද අළුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.