Gossips

කොටහේනේ වෙඩි තැබීමෙන් මත්ද්‍රව්‍ය ජාවාරම්කාර කෲස් ට තුවාල

කොටහේන – ජින්තුපිටියේදී ඊයේ (20) සිදුවූ වෙඩි තැබීමකින් ඇන්ටන් මයිකල් නොහොත් 'කෲස්' නැමති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ ඔහු මේ වනවිට කොළඹ ජාතික රෝහලේ අසාධ්‍ය තත්ත්වයෙන් ප්‍රතිකාර ලබන බවයි.
වෙඩි වැදුණු 34 හැවිරිදි 'කෲස්' නැමැත්තාට එරෙහිව කොළඹ මහාධිකරණයේ මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් නඩු කිහිපයක් විභාග වෙමින් පවතින බව වෙරළබඩ පොලීසිය සඳහන් කළා.
ඒ අනුව මත්කුඩු සම්බන්ධයෙන් පවතින ආරවුලක ප්‍රතිඵලයක් ලෙස වෙඩි තැබීම සිදුවන්නට ඇති බවටයි සැක පළ වී ඇත්තේ.
මොහු ත්‍රිරෝද රථයකින් සිය බිරිඳ සමඟ ගමන් කරමින් සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවට මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබෙනවා.