Gossips

කොටහේනේ නිවසක කාන්තා මළ සිරුරක්

කොටහේන ප්‍රදේශයේ නිවසක් තුළ තිබී ඝාතනය කරන ලද කාන්තාවකගේ මළ සිරුරක් ඊයේ (19) රාත්‍රියේ පොලීසිය සොයාගෙන තිබෙනවා.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ යාපනයේ සිට කොටහේන ප්‍රදේශයේ නිවසක ගෘහ සේවයට පැමිණි වයස අවුරුදු 35ක සිව් දරු මවක්.
සිද්ධිය වන අවස්ථාවේ අදාළ නිවසේ කිසිවෙකුත් සිට නොමැති අතර, නිවසේ හිමිකරු දෙවන හරස් වීථියේ වෙළදසැල් හිමිකරුවෙකු බවයි පොලීසිය සදහන් කළේ.
කෙසේ වෙතත්, ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණ වී නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද (20) සිදුකිරීමට නියමිතයි.