Gossips

කොටස් වෙළඳපොළෙන් රුපියල් බිලියන 11ක විදේශීය ආයෝජන ඉවත් කර ගනී

2019 වසරේ සති දෙකක් ගතවීමටත් පෙර මෙරට බැඳුම්කර සහ කොටස් වෙළඳපොළෙන් රුපියල් බිලියන 11ක විදේශීය ආයෝජන ඉවත් කරගෙන තිබෙනවා.
එය පසුගිය වසරේ පැවති ප්‍රවණතාව අඛණ්ඩව ක්‍රියාත්මක වීමක් ලෙසයි විශ්ලේෂකයන් හඳුන්වන්නේ.
2018 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියනය ඉක්ම වූ මෙරට බැඳුම්කර සහ කොටස් වෙළඳපොළ ආයෝජන විදේශිකයන් විසින් ඉවත් කර ගනු ලැබුවා.
ඇමරිකානු ඩොලරයට සාපේක්ෂව රුපියල කැපී පෙනෙන ලෙස අවප්‍රමාණ වීමට හේතුවක් ලෙස සැලකෙන්නේ ද මෙලෙස විදේශ ආයෝජන පිටතට ගලා යාමයි.