කොළඹ කොටස් වෙළඳපොලේ මිල දර්ශක ඊයේ මිශ්‍ර ප්‍රතිඵල පෙන්නුම් කළ අතර, සමස්ත දර්ශකය ඒකක 36 කින් ඉහළ ගොස් 6069 ක් ලෙස සටහන් වුණා.
එහිදී විදේශීය ආයෝජකයන්ගේ ගැනුම්වල ප්‍රකෘතිමත්වීමක් දක්නට ලැබුණු බවයි තැරැව්කරුවන් ප්‍රකාශ කළේ.
ඔවුන් බැංකු සහ ස්කාගාර කොටස් පිළිබඳ විශේෂ උනන්දුවක් දක්වා තිබෙනවා.
කොටස් වෙළඳපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 612 ක්.
