කොළඹ කොටස් වෙළදපොලේ මිල දර්ශක ඊයේ (22) දිනයේ පහත වැටීමක් දක්නට ලැබුණ ද දේශපාලන ස්ථාවරභාවය පිළිබද බලාපොරොත්තු සමග රුපියල් බිලියන 1.5 යි 4 ක ඉහළ පිරිවැටුමක් වාර්තා කළා.
බදාදා දිනයේ මාස 3 කින් ඉහළ අගය වාර්තා කළ සමස්ත දර්ශකය ඊයේ (22) සුළු වශයෙන් පහත වැටී සටහන් වුයේ 6571.73 ක් ලෙසයි.
විදේශීය ආයෝජකයන් රුපියල් මිලියන 660.5 ක කොටස් මිලදී ගත් අතර, වසරේ මේ වනවිට ඔවුන් මිලදී ගෙන ඇති කොටස් වල වටිනාකම රුපියල් බිලියන 6 යි දශම 4 ක්.
