Gossips

කොටස් වෙළදපොලේ සුළු වර්ධනයක්

කොළඹ කොටස් වෙළදපොලේ මිල දර්ශක ඊයේ සුළු වර්ධනයක් පෙන්නුම් කළ අතර සමස්ත දර්ශකය දිනය අවසනදී 6032 යි දශම 5 ක් ලෙස සටහන් වුණා.
එස් ඇන්ඞ් පී ශ්‍රී ලංකා ටුවෙන්ටි දර්ශකය සටහන් වූයේ 3195 යි දශම බින්දුවයි 6 ක් ලෙසයි.
සමාගම් 93 ක කොටස් ඊයේ දිනයේ ඉහළ ගිය අතර, 42 ක කොටස් පහත වැටී තිබෙනවා.
කොටස් වෙළදපොලේ ඊයේ දිනයේ මුළු පිරිවැටුම රුපියල් මිලියන 533 ඉක්මවූවා.