Gossips

කොටදෙනියාව – දියගම්පළ දී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මරුට

ගිරිඋල්ල – මීගමුව ප්‍රධාන මාර්ගයේ දියගම්පළ – කටුපොල කඩය අසල දී සිදුවූ රිය අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් තිබෙනවා.
ගිරිඋල්ල දෙසට ධාවනය වූ ලොරි රථයක ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පැමිණි යතුරුපැදියක් මුහුණට මුහුණලා ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව සඳහන්.
ඊයේ රාත්‍රියේ සිදුවූ මෙම අනතුරෙන් බරපතල තුවාල ලැබූ යතුරුපැදියේ ගමන් ගත් දෙදෙනා දඹදෙනිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගිය බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියා සිටියේ.
ඔවුන් දියගම්පළ – කොටදෙනියාව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, රිය අනතුර සම්බන්ධයෙන් ලොරි රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.