Gossips

කොටගල රෝහලේ වෛද්‍යවරුන්ට තර්ජනය කළ දෙදෙනෙකු අත්අඩංගුවට

කොටගල ප්‍රාදේශීය රෝහලේ වෛද්‍යවරයෙකුට හා කාර්යමණ්ඩලයට බැන වැද රාජ්‍ය දේපල වලට අලාභ හානි කළේ යැයි කියන සිද්ධීයක් සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ලංකා කමිකරු කොංග්‍රසයේ නුවරඑළිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රි ආර්. මලර්වාසගම් අද (19) උදැසන දිඹුල පොලිසියට වෙත පැමිණ භාර වී තිබෙනවා.
අනතුරකින් තුවාල ලැබූ පුද්ගලයෙකුට ප්‍රතිකාර කරමින් සිටියදී නාදුනන පිරිසක් පැමිණ කොටගල රෝහලේ වෛද්‍යවරුන්ට බැණවැදී මරණ තර්ජන කර තිබුණේ පෙරේදා (17) රාත්‍රියේදීයි.
මෙම සිද්ධියට විරෝධය පළ කරමින් කොටගල රෝහලේ වෛද්‍යවරුන් ඊයේ (18) ප්‍රතිකාර කටයුතුවලින් ඉවත්ව වර්ජනයක් ආරම්භ කළ අතර, රෝහලේ ආරක්ෂාව තරකරන තුරු එම වෘත්තිය ක්‍රියාමාර්ගය ඉදිරියට පවත්වාගෙන යන බවයි වෛද්‍යවරුන් සඳහන් කළේ.
කෙසේ වෙතත් වෛද්‍යවරුන්ට තර්ජනය කළ පුද්ගලයින් අත්අඩංගුවට නොගතහොත් නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා අද (19) දිනයේ වර්ජනයක නිරතවීමට වෛද්‍යවරුන් තීරණය කර තිබුණත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම නිසා එම වර්ජනය අවලංගු කර තිබෙනවා.
පොලිසියට භාර වු සැකකරු අද (19) හැටන් මහේස්ත්‍රාත් අධීකරණය වෙත ඉදිරිපත් කරන බව දිඹුල පොලිසිය පැවසුවේ.