Gossips

කොටගල රක්ෂිතයක ගින්නක්

හැටන් – කොටගල රොසිටා ගොවිපලට අයත් රක්ෂිතයක ගින්නක් හටගෙන තිබෙනවා.
පස්වරු 2 ට පමණ හටගත් ගින්නෙන් රක්ෂිතයේ අක්කර 25ක් පමණ භූමි ප්‍රමාණයක් විනාශ වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය සහ දැඩි සුළං තත්ත්වය නිසා ගින්න රක්ෂිතය තුළ පැතිර යමින් පවතිනවා.
කිසියම් පිරිසක් විසින් ඉලූක් සහිත මෙම රක්ෂිතයට ගිනි තබන්නට ඇති බවට පොලිසිය සැක පළ කරන්නේ.