Gossips

කොටකෙතන මව සහ දියණිය ඝාතනයේ දෙවන විත්තිකාරියට වසර 6කට පසු නිදහස

කහවත්ත – කොටකෙතන ප්‍රදේශයේදී 52 හැවිරිදි මවක සහ 17 හැවිරිදි දියණියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් වසර 06කට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි දෙවන විත්තිකාරිය වන අශෝකා චාන්දනී කුමාරි හෙවත් බට්ටි චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ අද (25) නියෝග කළා.
ඒ විත්තිකාරියට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි නොමැති වීම හේතුවෙන්
පැමිණිල්ලේ සාක්ෂි විභාගය අද (25) අවසන් කෙරුණු අතර ඉදිරිපත් වූ සාක්ෂි සැලකිල්ලට ගනිමිනුයි මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මෙම නියෝගය සිදු කළේ.
කෙසේ වෙතත් මෙම නඩුවේ පළමු විත්තිකරු වන ලොකුගම්හේවගේ දර්ශන හෙවත් රාජු නමැත්තාට එරෙහිව මෙම නඩුව නොවැම්බර් මස 01 වනදා විභාග කරන බවද විනිසුරුවරයා දැනුම් දී තිබෙනවා.
කහවත්ත – කොටකෙතන ප්‍රදේශයේදී නයනා නිල්මිණි සහ කාවින්ද්‍යා චතුරංගි යන මව සහ දියණිය ඝාතනය කර තිබුණේ 2012 වසරේ ජනවාරි මස 31 වනදායි.
පසුව මෙම ඝාතනය සම්බන්ධයෙන් ලොකුගම්හේවගේ දර්ශන සහ අශෝකා චාන්දනී කුමාරි නමැති අඹු සැමි යුවල අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන් මේ දක්වා රක්ෂිත බන්ධනාගාර ගතවයි පසුවුණේ.