Gossips

කොච්න් ගුවන්තොටුපලේදී ශ්‍රී ලන්කන් යානයක් අනතුරක් වලක්වාගනී

අධික වැසි සහ දැඩි සුළං තත්වය හමුවේ ඉන්දියාවේ කොචින් ගුවන් තොටුපල වෙත ගොඩබැස්වීමට ගිය ශ්‍රී ලන්කන් ගුවන් යානයක් අනතුරක් වලක්වා ගනිමින් සාර්ථකව ගොඩබැස්විමට එහි නියමුවා සමත්වී තිබෙනවා.
කෙසේවෙතත් යානය ගොඩබැස්විමේදී ධාවන පථයේ විදුලි පහන් කිහිපයකට අලාභ හානි සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
එහෙත් අයහපත් කාලගුණික තත්වය යටතේ ගොඩබැස්වු යානයේ සිටි මගීන් 228 දෙනා සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනාට කිසිදු අනතුරක් සිදුවි නැහැ.
A330 වර්ගේය මෙම යානය මෙරට වේලාවෙන් පස්වරු 3.30 ට පමණ කොචින් ගුවන්තොටුපල වෙත ගොඩබැස්වීමට සුදානම් වන අවස්ථාවේ දී වැසි සහිත අයහපත් කාලගුණික තත්වයක් පැවති බව සඳහන්.
එවැනි තත්වයක් යටතේ ගොඩබැස්වීමට ගිය යානය එක්වරම පසෙකට ඇලවී ලිස්සා ගොස් ධාවන පථය තුල සවිකර තිබු විදුලි පහන් කිහිපයකට හානි සිදුව තිබෙනවා.
දුෂ්කරතා මධ්‍යයේ යානය මගීන්ට අනතුරක් නොවන ආකාරයෙන් සාර්ථකව ගොඩබැස්වීමට නියමුවා කටයුතු කර ඇතැයි සඳහන්.
මේ වන විට ඉංජිනේරුවරුන් යානයට හානියක් සිදුවී ඇත්ද යන්න සම්බන්ධයෙන් පරීක්ෂණ සිදු කෙරෙමින් පවතිනවා.