Gossips

කොච්චිකඩේ මුහුදේ අතුරුදන් වූ සිසුවෙකුගේ සිරුරක් හමුවේ

කොච්චිකඩේ – ඒත්තුකාල – පෝරතොට මුහුදේ දිය නෑමට ගොස් අතුරුදන් වූ පාසල් සිසුන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ සිරුරක් නාවික හමුදාව විසින් අද (16) අලුයම සොයාගෙන තිබෙනවා.
ඒ, මොවුන් දිය නෑමට ගිය ප්‍රදේශයේ සිට කිලෝමීටර් 2ක් පමණ දුරකින් පිහිටි කම්මල්තොට මුහුදු වෙරළට ගොඩ ගසා තිබියදියි.
16 හැවිරිදි මෙම සිසුවා තවත් පාසල් සිසුන් 04 දෙනෙකු සමඟ ඊයේ (15) මුහුදේ දිය නෑම සඳහා ගොස් තිබුණා.
පසුව ඉන් සිසුන් 04 දෙනෙකු දිය නෑම සඳහා මුහුදට බැස තිබූ අතර එහිදී සිසුන් සිව් දෙනෙකු සැඩ පහරට හසුවූ බවයි පොලීසිය සදහන් කළේ.
ඉන් සිසුන් දෙදෙනෙකු ප්‍රදේශවාසීන් බේරා ගත් අතර අනෙක් සිසුන් දෙදෙනා දියේ ගිලී අතුරුදන් වුණා.
දළුවක්කොටුව ප්‍රදේශයේ පදිංචි ඔවුන් කොච්චිකඩේ ප්‍රදේශයේ පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන බව සඳහන්.
අතුරුදන් වූ අනෙක් සිසුවා සොයා නාවික හමුදා මෙහෙයුම් ක්‍රියාත්මකයි.