කොකේන් සමඟ කඳාන දුම්රියපොල අසලදී අත්අඩංගුවට ගත් ඊශ්‍රායල සහ ඉතාලි ජාතිකයන් දෙදෙනා ලබන 18 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ සැකකරුවන් අද (08) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ බවයි.
කොකේන් ග්‍රෑම් 90යි මිලිග්‍රෑම් 798ක් සමඟ මෙම විදෙස් ජාතිකයින් දෙදෙනා පෑලියගොඩ දිසා අපරාධ කොට්ඨාශයේ නිලධාරින් විසින් ඊයේ (07) අත්අඩංගුවට ගත්තා.
