කොකේන් භාවිත කරන මැති ඇමතිවරුන් පිළිබඳ ලැයිස්තුවක් රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක විසින් තමන් වෙත ලබාදී නොමැති බව කථානායක කරූ ජයසූරිය අද පාර්ලිමේන්තුව සැසිවාරය ආරම්භයේදී සභාව වෙත දැනුම් දුන්නා.
ඊයේ දිනයේ මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය කථානායකවරයා ද පාර්ලිමේන්තුව දැනුම්වත් කරනු ලැබුවා.
මේ සම්බන්ධයෙන් විමර්ශනය කිරීම සඳහා සභානායක අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ලගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් ද ඊයේ පත් කළා.
එම කමිටුව හමුවේ ප්‍රකාශයක් ලබාදීම සඳහා හෙට පෙරවරු 9.30ට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක කැඳවා තිබෙනවා.
