කැබිනට් අමාත්‍යවරුන් කිහිප දෙනෙකු කොකේන් භාවිත කරන බවට රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක පසුගිය දා සිදුකළ ප්‍රකාශය ගැන, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අද (15) අදහස් පල කළා.
කොළඹ අද කැදවා තිබූ මාධ්‍ය හමුවකට එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක කියා සිටියේ එලෙස චෝදනා එල්ල වන අමාත්‍යවරුන්ට උපරිම දඬුවම් ලබාදීමට ජනාධිපතිවරයා කටයුතු කළ යුතු බවයි.
