කොකේන් මත්ද්‍රව්‍ය ගුලි වශයෙන් ගිල දමා දිවයිනට පැමිණි තවත් බ්‍රසීල ජාතික තරුණයෙකු පොලිස් මත්ද්‍රව්‍යනාශක කාර්යාංශය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ දෝහා කටාර් සිට කටුනායක ගුවන් තොටුපලට පැමිණි 24 හැවිරිදි තරුණයකු බවයි පොලිසිය සදහන් කළේ.
ඔහු මේ වන විට මීගමුව රෝහලට ඇතුලත් කර ඇති අතර ගිල දැමු ගුලි 05ක් ඉවතට ගෙන ඇති බව සඳහන්.
මේ අතර මිලියන 14 කට අධික වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය ගුලි 73 ක් ගිල පැමිණ අත්අඩංගුවට ගැනුනු 30 හැවිරිදි බ්‍රසීල ජාතිකයා මීගමුව මහේස්ත්‍රාත්වරයා හමුවට අද (01) ඉදිරිපත් කෙරුණු අතර, එහිදී ඔහු දින 07 ක් රැඳවුම්භාරයේ තබාගෙන ප්‍රශ්න කිරිමට අවසර ලබාදී තිබෙනවා.
